Home Local News Room : හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ දෙවන මහලෙන් ඇදවැටී අවාසනාවන්ත...

News Room : හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ දෙවන මහලෙන් ඇදවැටී අවාසනාවන්ත ලෙස මරුට! ~

0
0
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන 55 හැවිරිදි දේශානි ගුණරත්න මහත්මිය අලුතින් ඉදිවෙමින් පැවති ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

දෙදරු මවක වූ ඇය අනතුරෙන් පසු බරපතළ තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා තණමල්විල පිහිටි නිවස වෙත රැගෙන යාමට කටයුතු යොදා තිබේ.

මෙම ඇදවැටීම අත්වැරදීමකින් සිදු වූවක්ද නැතහොත් වෙනත් හේතුවක් නිසා සිදුවූවක්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගිය දේශානි ගුණරත්න මහත්මියගේ සැමියා වන හිටපු පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා, පසුගිය සමයේ අල්ලස් කොමිසම මගින් එල්ල කරන ලද දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඇප මත පසුවන අයෙකි.

 රජයේ ව්‍යාපෘති ප්‍රචාරණය සඳහා රුපියල් ලක්ෂ 26කට අධික මුදලක් වැය කරවීම, ගංවතුර ආධාර ජනතාව අතර බෙදා නොහැරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාග වන අතර, ඔහුට විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here