ජනාධිපතිතුමා අවංක නම්, අපි බලමු. ජනාධිපතිතුමා අපි බලාගෙන ඉන්නවා ඔබතුමා දැන් ලේකම්ට මොකද කරන්නේ කියලා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ කුලියාපිටියේදී රැස්වීමක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
මැතිවරණ කාලයේ ජේවීපී එකේ දේශපාලනය කරපු උදවිය මේ ගම් මට්ටම්වලට ඇවිල්ලා, ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවා වෙනුවෙන් සටන් කරපු විදිහ දිහා බැලුවමඅද එදා අසීමිත බලාපොරොත්තු දීලා, ගෙයින් ගෙට ගිහිල්ලා, රටේ ජනතාව රවට්ටපු ආණ්ඩුව අද බලයට ඇවිල්ලා තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැතුව තවදුරටත් බොරුවෙන්, වංචාවෙන්, දූෂණයෙන්, මර්දනයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා.
අපි ආණ්ඩුවට කියන්නේ, ආණ්ඩුව තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මර්දනයට මේ රටේ ජනතාව නවත්වන්න බැහැ. මේ ගමේ ජනතාව නවත්වන්න බැහැ. මේ ගම්වල ඉන්නේ මර්දනයට මුහුණ දීපු අය. අවුරුදු 30ක් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට මුහුණ දීපු අය. අභියෝගවලට මුහුණ දුන්නා. ඔබ මේ රටේ හැම අභියෝගයකටම, 88/89 ඉඳන් මුහුණ දීපු අය. ඒ හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරන්න ඔබට ආත්මශක්තිය තිබ්බා. ඒ හින්දා මේ ගම්වල ජනතාව මර්දනයට බය වෙන්නේ නැහැ.
ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්රශ්නය යටගහන්න පුළුවන්, උපාධිධාරියාගේ ප්රශ්නය යටගහන්න පුළුවන්, තරුණයාගේ ප්රශ්නය යටගහන්න පුළුවන්, ඒ ගැන කතා කරන, ඒ ගැන ප්‍රශ්න කරන, ආණ්ඩුවට අභියෝග කරන මන්ත්‍රීවරු වෙනවා නම්, මහා සංඝරත්නය වෙන්න පුළුවන්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, සිවිල් සංවිධානවල පුද්ගලයෙක් වෙන්න පුළුවන්, මාධ්‍යවේදී සහෝදරයෙක් වෙන්න පුළුවන්, පොලීසිය පෙන්වලා බය කරන්න පුළුවන් කියලා…
පොලීසිය පෙන්වලා බය කරන්න පුළුවන් කියලා ආණ්ඩුවට වැරදිලා.
අද ගමට එනකොට ගොවියා දැවැන්ත අපහසුතාවයකට මුහුණ දෙනවා. නගරයට යනකොට බත් කන දෙමාපියෝ දැඩි අපහසුතාවයකට මුහුණ දෙනවා. වී මිල අඩුයි, එක පැත්තකින් හාල් මිල වැඩියි. බලයට ආවේ නැහැ, එක පෑන් පාරෙන් වැඩේ කරනවා කිව්වා. දැන් පෑනේ තීන්ත ඉවරද දන්නෙත් නැහැ. තීන්ත ඉවර වෙලා. අත්සන් කළාට වදින්නේ නැහැ. වදින්නෙම රූවීටර් එක. මැකිලා! එදා ආවේ එක පෑන් පාරෙන් ගොවියා රකිනවා කියලා. රැක්කාද? නැහැ. උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වා. දුන්නාද? නැහැ.
ලක්ෂ 12ට කාර් එකක් දෙනවා කිව්වා. මං දැක්කා ඒ මහත්තයා පාර්ලිමේන්තුවේ අහනවා “කෝ රාවණා බලයේ හාමුදුරුවෝ?” කියලා. මං කිව්වා “ඉන්නවා” කියලා. මං ඉන්නකොට අහන්නේ නැහැ. මං යනකන් ඉඳලා අහනවා. මං යනකන් ඉඳලා අහනවා “කෝ නාමල්?” කියලා. ඉතින් මම ගිහිල්ලානේ. ඉන්නකොට නැහැ!
ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ, කරුණාකරලා ඔය මර්දනය පැත්තකින් තියලා මේ රටේ ජනතාවට වැඩ කරන්න. අද අසීමිත බදු බරක්. අද තරුණ ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් මුණගැසුණා. ඔවුන්ට තියෙන මේ බදු ප්රතිපත්තියත් එක්ක, මේ තියෙන අසීමිත බදු බරත් එක්ක ව්‍යාපාර කරගෙන යන්න බැහැ. දිනෙන් දින විදුලි බිල වැඩි කරනවා, තෙල් මිල වැඩි කරනවා. ඇයි ඒ? ආණ්ඩුව පාලනය ගිලිහුණු ගෙනැල්ලා වෙච්ච පාඩුව මකාගන්න ජනතාව පිට පීඩනය දානවා.
ආණ්ඩුවේ හොරකම්වලින් රටට වෙච්ච පාඩුව මකාගන්න මොකද්ද කරන්නේ? බදු වැඩි කරලා ජනතාවගෙන් ඒක පියවගන්නවා. ජනාධිපතිතුමා හොරු අල්ලන එක ගැන කතා කරනවා, සත්භාවය ගැන. දැන් ජනාධිපතිතුමාට පුළුවන් තමන්ගේ සද්භාවය පෙන්වන්න ජනාධිපති ලේකම්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන. ජනාධිපති ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පන්නලා අහුවෙලා. හැබැයි ඒක යටගහගෙන ඉන්නවා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අවංක නම්, අපි බලමු. ජනාධිපතිතුමා අපි බලාගෙන ඉන්නවා ඔබතුමා දැන් ලේකම්ට මොකද කරන්නේ කියලා.
මුදල් අමාත්‍යාංශයට ගෙනැල්ලා දාපු පාර්ලිමේන්තුවේ ලේකම් කෙනෙක්, මුදල් අමාත්‍යාංශයට ගෙනැල්ලා දාපු ලේකම්වරයා ආපු දවසේ ඉඳන් හැකර් කෙනෙක් පනිනවා මුදල් අමාත්‍යාංශයට. හැමදාම හැක් කරනවා. තැපැල් එකත් හැක්, මුදල් අමාත්‍යාංශයත් හැක් කරලා. “කෝ සල්ලි?” කියලා අහපුවාම ගෙනිච්ච කෙනෙක් නැහැ. හැබැයි අන්තිමට මොකද කියන්නේ?ඒ පාඩුව පියවන්න රටේ ජනතාවගේ බදු බර වැඩි කරනවා. පනින්නේ කොහෙන්වත් නැති හැකර් කෙනෙක්. ගෙවන්නේ ජනතාව. හැබැයි හැකර් පනින එකක් කවුද දන්නේ?
මුදල් අමාත්‍යාංශයට දේශපාලන පත්වීමක් දීලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්කරගෙන, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පක්ෂයෙන් ගෙනැල්ලා දාපු දවසේ ඉඳන්. එදා ඉඳන් පෞද්ගලික අංශයේ බැංකුවල මුදල් අතුරුදහන් වෙනවා. ඒවා පිටිපස්සේ ඉන්න මහා මොළකරුවෝ හොයන්න හම්බවෙන්නේ නැහැ. ආණ්ඩුව මේවා හොයන්න ඕනේ, යටගහන්න බැහැ.
හැබැයි දැන් ආණ්ඩුවේ ලේසිම කාරණය මොකද්ද? බන්කරේ ගාර්ඩ් දෙන්නෙක් ගහගත්තත් ෂුවර් එකට මේක නාමල්ගේ වැඩක් කියනවා ලේසිම දේ ඒක.වී මිල අඩු වුණොත්, නාමල් ගේමක් ගහලා වගේ වී මිල අඩු වෙලා තියෙනවා කියනවා. හැම එකම මෙහෙමයි.
දැන් ආණ්ඩුවට අපි කියන්නේ කරුණාකරලා දැන් ඔය භීතිකාව පැත්තක තියලා වැඩ කරන්න පටන් ගත්තොත් හොඳයි. මොකද ආණ්ඩුව හිතන් ඉන්නවා නම් අපිට… නේද? අපි ඉන්නේ විපක්ෂයේ. අපිට පුළුවන්ද වරායේ කන්ටේනර් 323ක් පන්නන්න? අපිට පුළුවන්ද වරායේ කන්ටේනර් දෙකක් පන්නන්න? ජනාධිපති ලේකම් පන්නපු කන්ටේනර් කොහොමද අපි පන්නන්නේ? අපි බලයේ හිටපු කාලෙක කන්ටේනර් පැන්නුවේ නැහැනේ. දැන් විපක්ෂයේ ඉන්නකොට කොහොමද කන්ටේනර් පන්නන්නේ? කන්ටේනර් පන්නන සංස්කෘතිය හඳුන්වා දුන්නේ ජේවීපී එකෙන්, වරායේ.
අද සම්පූර්ණයෙන්ම ආණ්ඩුව රටේ ජනතාවට මඩ ගහනවා. මං දැක්කා අර හම්බන්තොට වරායට ලැම්බෝගිනි වගයක් ඇවිල්ලා තියෙනවා. නිකන් හරි අපේ තාත්තා ජනාධිපති වෙලා හිටියා නම් ඔය ලැම්බෝගිනි 14ම මගේ. වෙලාවකට අනුර ලොක්කා ජනාධිපති.මම කියන්නේ නැහැ ඒක එයාගේ කියලා, ඒක එයාගේ නෙවෙයි. කාගෙද කියලා මම දන්නෙත් නැහැ, හැබැයි අනුර ලොක්කාගේ නෙවෙයි.
අනුර ලොක්කා කිව්වට “නාමල් කොලුවා ලැම්බෝගිනි 14ක්, 18ක් බානවා මම දැක්කා” කියලා මම නම් දැක්කේ නැහැ. මං බොරු කියන්නේ නැහැ. ඒ හින්දා මම කියනවා මේ ලැම්බෝගිනි 14 අනුර කුමාර ජනාධිපතිවරයාගේ නෙවෙයි, එයාගේ දරුවන්ගෙත් නෙවෙයි.
මේ එදා තනිකර බොරුව හැදුවේ වෛරය, ඉරිසියාව, සමාජයේ වෛරය පැතිරෙව්වේ. ඒ තුළින් උත්සාහ කළා තමන්ගේ දේශපාලනය කරන්න. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි, අපිට වෛරය වැඩක් නැහැ. අපිට ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන් දේශපාලනය කරන්න ඕනේ නැහැ. ප්‍රතිපත්තියක් එක්ක යමු. අපි පැහැදිලිව ඔබේ දරුවාට ගැලපෙන රටක් අපි හදන්න ඕනේ. පක්ෂයක් විදිහට අපි නවීකරණය වෙලා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා අපි ඉස්සරහට යන්න ඕනේ.
අපි විශ්වාස කරනවා නූතනත්වය. අපි විශ්වාස කරනවා මේ රටේ නව, ලෝකයේ ප්රවණතාවයන් එක්කම මේ රට වෙනස් වෙන්න ඕනේ. සංස්කෘතිය, ආගම, දහම අපි රකින්න ඕනේ. සංස්කෘතිය, ආගම, දහම රකිනවා වගේම, නූතනත්වය කරා යන්න පුළුවන් තාක්ෂණය, වෙළඳපොළ, ආයෝජකයෝ ලංකාවට ගේන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය දැවැන්ත ආර්ථික, සමාජ, දේශපාලන පරිවර්තනයකට සූදානම් වෙච්ච නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක අපි වගකීමෙන් ඔබතුමන්ලාට කියන්නේ.







