වන්නිලැත්තන් නායකත්වයට පත් වීමට පෙර එනම් මීට වසර 20 කට පෙර එක් වරක් දඹදිව වන්දනා චාරිකාවක නිරත වී තිබිණි.
නායකත්වයට පත් වීමෙන් පසු මේ ඔහුගේ පළමු දඹදිව වන්දනා චාරිකාව බවද පැවසේ.
මෙම වන්දනා චාරිකාව, පෞද්ගලික වන්දනා චාරිකා ආයතනයක් මගින් සංවිධානය කර තිබූ අතර, එම ආයතනය විසින් වන්නිලැත්තන් ඇතුළු පිරිසට ද මේ සඳහා එක් වන ලෙස ආරාධනා කර තිබිණි.
මෙම පිරිස ලබන මස 06 වැනිදා දක්වා මෙම වන්දනා චාරිකාවේ නිරත වීමට නියමිතය.
මෙම චාරිකාව සඳහා වන්නිලැත්තන් ඇතුළු පිරිස මී පැණි, විලඳ ඇතුළු පූජා භාණ්ඩ රාශියක් ද රැගෙන විත් තිබූ අතර, කටුනායක ගුවන් තොටුපොළ බෑග් අලෙවි සලකින් තම බඩුබාහිරාදිය දමා ගැනීම සඳහා වන සතුන්ගේ රුව සිතුවම් කර තිබූ රෙදිවලින් මසන ලද පරිසර හිතකාමී කරෙහි එල්ලා ගෙන යා හැකි බෑගයක් ද මිලදී ගත් බව මාධ්‍ය වාර්තා කර තිබේ.
වන්නිල ඇත්තෝ ඇතුළු වන්දනා නඩය 50 දෙනකුගෙන් සමන්විත බවද පැවසේ.