රැඳවුම් භාරයේ සිටින සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අවස්ථා 5කදී පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.
අනාවරණය වූ ප්‍රධාන ඝාතන සිදුවීම්
ව්‍යාපාරික ඝාතනය (2022 දෙසැම්බර් 18): කප්පම් ලබා නොදීම හේතුවෙන් ‘බූරු මූණා’ ලවා අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත.
නත්තල් දින ඝාතනය (2023): ‘මන්නා රොෂාන්’ සහ ඔහුගේ සමීපතමයා දිගින් දිගටම කළ අනවශ්‍ය කතාබහ මුල් කරගනිමින් ඝාතනය කර තිබේ.
වජිර නිශාන්ත ඝාතනය (2024 සැප්තැම්බර් 30): තමාට රැකියාවක් නොතිබූ අවස්ථාවේ කොන්දොස්තර රැකියාව ලබාදුන් තැනැත්තා වුවද, කප්පම් මුදල් නොදීම නිසා ඝාතනය කර ඇත.
‘බනා මන්ත්‍රී’ ඝාතනය (2025): ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියට ද තොරතුරු ලබාදීම හේතුවෙන් මුදුන්කොටුවගේ දොන් ශාන්ත හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනය කර තිබේ.
කප්පම් එකතු කරන්නාගේ ඝාතනය: තමා උපදෙස් දුන් මුදලට වඩා වැඩි කප්පම් මුදල් එකතු කිරීම නිසා සිය ගෝලයා ඝාතනය කර ඇත.
ඉදිරි පියවර සහ ප්‍රදේශවාසීන්ගේ ප්‍රතිචාර
ඇල්ටෝ ධර්මේ, වනාතේ චතූ සහ කොණ්ඩ රංජි යන සැකකරුවන් ද ඉදිරියේදී මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව ඩුබායි බලධාරීන් දැනුම් දී තිබේ.
මේ අතර, බස් ලලිත්ගේ තර්ජන හමුවේ මීගොඩ සහ පාදුක්ක ප්‍රදේශ අතහැර ගිය ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රදේශවාසීන්, සැකකරු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම අගය කරමින් රතිඤ්ඤා දල්වා සතුට පළ කර ඇත.







