Home Local News Room : ඊශ්‍රායල් රැකියා ජාවාරම් චෝදනාව : මනූෂ නානායක්කාරට එරෙහි අල්ලස්...

News Room : ඊශ්‍රායල් රැකියා ජාවාරම් චෝදනාව : මනූෂ නානායක්කාරට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශන අවසන්! ~

0
0
පසුගිය ආණ්ඩුව සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේදී සිදුවූ බව කියන මහාපරිමාණ අක්‍රමිකතා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව පවත්වන ලද විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (28) අධිකරණයට දැනුම්දුන්නේය.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියාසිටියේ, අදාළ විමර්ශනවලට අදාළ සියලු ගොනු අවසන් තීරණයක් ගැනීම සඳහා කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වෙත යොමුකර ඇති බවයි.

හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා නීතිමය පියවර පිළිබඳව අධිකරණයට දැනුම් දීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස එහිදී අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 18 වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය.

එදිනට විමර්ශනවල ඉදිරි ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here