ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ප්රහාරයකට ලක්ව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇතැයි වීරගුල පොලිසිය පවසයි.
ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විහාරස්ථානයේ පැවැති රැස්වීමක් අතරතුරදී මෙම ප්රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සීලරතන හිමියන් ගම්පහ රෝහල්ගත කර ඇති අතර, උන්වහන්සේ මේ වන විට එහි නේවාසිකව ප්රතිකාර ලබති. ප්රහාරයෙන් අනතුරුව සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත්, සිද්ධියට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වීරගුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ පුවත තව අයට බලන්න







