හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ එරාජ් ප්රනාන්දු මහතා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
මෘත ශරීරය හමුවී ඇත්තේ ඔහුට අයත් කොළඹ නිවසකිනි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමක් පලවා හැරීමට කටයුතු කිරීමත් සමඟ ඔහු මෙරට දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්වූ චරිතයක් බවට පත්විය.
එම අවස්ථාවේදී ඔහු අත තිබූ ගිනි අවිය සෙල්ලම් පිස්තෝලයක් බවට පසුව ප්රකාශ කෙරුණු අතර, එම සිදුවීම හේතුවෙන් ඔහු මහත් ප්රසිද්ධියට පත් විය.
මේ පුවත තව අයට බලන්න







