කොළඹ 5, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සිරුර බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (02) සොයාගනු ලැබීය. බම්බලපිටිය හැව්ලොක් ටවුන් 6th Avenue apartment පිහිටි නිවසේ අඩි 9ක් පමණ උසැති දොරක රබර් පටියක් ආධාරයෙන් ගෙලවැලලාගෙන ඔහු මෙලෙස මියගොස් සිටි බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.








