Home Local News Room : නාමල් රාජපක්ෂ අත්අඩංගුව‌ට ‌ගැනීම එජාපය හෙළා දකියි ~

News Room : නාමල් රාජපක්ෂ අත්අඩංගුව‌ට ‌ගැනීම එජාපය හෙළා දකියි ~

0
0
 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්, එම පක්ෂය සඳහන් කළේ, මේ මස 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි අරමුණවී ඇති බවය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද තිබෙන බව පිළිගත යුතු බව එහි සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here