එහෙත් ශාපය යැයි කියන යුගයේ ඩී.එස්. සේනානායක සිදුකළ කෘෂිකාර්මික වෙනස, ජේ. ආර්. ජයවර්ධන සිදුකළ විවෘත ආර්ථික වෙනස, මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදය නිමා කිරීම, රනිල් වික්‍රමසිංහ වසර දෙකක් තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීම ආදී වශයෙන් රටට සහ ජනතාවට දැනෙන සුවිශාල සමාජ ආර්ථික පරිවර්තනයන් සිදුවූ බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ එවැනි සාධනීය වෙනසක් සිදුව නොමැති බවත් රනිල් වික්‍රමසිංහ පාලනය අවසන් වන විට රටේ පැවති සියයට 0.5ක උද්ධමනය ඊට වසර දෙකකට පසු වත්මන් පාලනය යටතේ සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති බවත් චමින්ද මලලසේකර ප්‍රකාශ කරයි.
විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ඇමරිකාවට කිඹිහුමක් ගිය විට ලංකාවට නිව්මෝනියාව හැදෙනවා නම් රටට නායකයෙක් අවශ්‍ය දැයි ඇසු වර්තමාන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මේ සියල්ලට හේතුව මැදපෙරදිග යුද්ධයට බැරකරමින් සිටීම කනගාටුදායක බවද ඔහු අවධාරණය කරයි.
චමින්ද මලලසේකර මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනි කරළිය දේශපාලන සංවාදයට එකතු වෙමිනි.
-emanisa
chaminda malalasekara







