2027 වසර සඳහා ජනතාවට උපරිම සහන සැලසෙන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා හරහා ජනතාවට විශාල සහන මල්ලක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
මෙහිදී විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් ද ඉලක්ක කර ගනිමින් විශේෂ වරප්‍රසාද රැසක් ලබාදීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව පැවසේ.
ජනතාව මුහුණ දී සිටින අධික ජීවන බර සැලකිය යුතු ලෙස පහත හෙළිය හැකි යෝජනා රැසක් මෙවර අයවැය ලේඛනයට ඇතුළත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
මීට අමතරව, රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ලබන වසරේදී ආරම්භ කිරීමට ද රජය තීරණය කර ඇත.
budget 2027 sri lanka
budget 2027 sri lanka
2027 budget sri lanka







