ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවත ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ, ඩී.වී චානක මහතා
බොහොම ස්තූතියි අපේ පක්ෂයේ මහ ලේකම්තුමා, සාගර කාරියවසම් මැතිතුමා. ඒ වගේම අපේ සංජීව එදිරිමාන්න මැතිතුමා ඇතුළු අපේ මාධ්‍යවේදී වේදීන් සියලු දෙනාගෙන්ම අවසරයි.
අද විශේෂයෙන්ම අපේ ජාතික සංවිධායකතුමා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අත්අඩංගුවට පත්වීමට හේතුව, ඒ වගේම අරමුණ, ඒ වගේම මේ කොහොමද බලපෑම් කරලා මේ නඩුව නිර්මාණය කිරීම පිළිබඳව තමයි අපි අදහස් දක්වන්නේ.
පළවෙනි කාරණය තමයි සාක්ෂිය වගේම සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය කියන එක ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා ඕනෑම නඩුවකදී. දැන් පළමුව බලුවොත් කාගේ සාක්ෂියක් පදනම් කරගෙනද මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්න. මං හිතන්නේ මේක 2016. මේක 2016 ඇතිවෙච්ච මුලින්ම නඩු කටයුත්තක් ඇති වෙලා තියෙනවා එකම සාක්ෂිකරු මේ නිමල් පෙරේරා කියන දූෂිත ව්‍යාපාරිකයා.
ඔහුට මේ එකක් නෙවෙයි නඩු 100ක් විතර තියෙන ඒ දූෂිත ව්‍යාපාරිකයාගේ කටඋත්තරය සැරින් සැරේ සැරින් සැරේ වෙනස් කරලා.
මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ ආණ්ඩුවේ ඉන්න අනුර කුමාර දිසානායක මහත්තයාගේ දකුණු අත වගේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයා. මේ නිමල් පෙරේරා මහත්තයා එක්ක එකට බිස්නස් කරන්නේ මේ ආණ්ඩුවේ අමාත්‍යවරයා. ඒ අමාත්‍යවරයාත් මේ නිමල් පෙරේරාත් එකතු වෙලා තුන් වතාවක සාක්ෂි තුනක් දෙනවා.
පළවෙනි වතාවේ කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට මිලියන 50ක් දුන්නා කියලා. දීපු තැනක් නැහැ, දීපු දවසක් නැහැ, දීපු විදියක් නැහැ.
ඊට පස්සේ දෙවෙනි වතාවට කියනවා නැහැ මම රුපියලක්වත් දුන්නේ නැහැ.
ඊට පස්සේ තුන්වෙනි වතාවට දැන් කියනවා මිලියන 100ක් දුන්නා. හැබැයි කවද්ද දුන්නේ කියලා ඇහුවම දවසක් නැහැ. ලංකාවට සල්ලි ආපු විදිය ඇහුවම ආපු විදියක් නැහැ. ඊට පස්සේ මොන කාලෙද කිව්වම ඒ පිළිබඳවත් දන්නෙ නැහැ.
ඊට පස්සේ CID එකේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ පක්ෂයේ, මාලිමාවේ ශානි අබේසේකර මහත්තයා 2019 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට 195/16 කියන මේ නඩුවට ගිහිල්ලා කියනවා මේ නිමල් පෙරේරා කියන්නේ බොරුකාරයෙක්, ඔහුගේ සාක්ෂිය ඔහු සැරින් සැරේ වෙනස් කරන බොරුකාරයෙක් කියලා.
එතකොට ඒ බොරුකාරයා කියපු, ශානි අබේසේකර කියපු බොරුකාරයා, ඒ වගේම මේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ බිස්නස් පාට්නර්, ව්‍යාපාරික සගයාගේ සාක්ෂිය පාවිච්චි කරලා නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්නේ.
දැන් මේ විදියට ගියොත් මොකක් හරි දූෂණයකට කෙනෙක් අහුවුනාම ඔහුව අරන් ගිහින් සිරගත කරලා, එහෙමත් නැත්නම් ඔහුව වෙන රටකට යවලා, ඒ සියලුම පහසුකම් දීලා කවුරුහරි දේශපාලනකයෙක්ගේ නම කියන්න කියනවා.
දැන් මේ විදියටම හෙට 22 වෙනි සංශෝධනයට හරිනි අමරසූරිය මැතිනිය තීරණය කරොත්, යම්කිසි ආකාරයකින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව 22 වෙනි සංශෝධනයට විරුද්ධ වෙනවා කියලා, හෙට නිමල් පෙරේරා කියයි සල්ලි දුන්නේ නාමල් රාජපක්ෂට නෙවෙයි හරිනි අමරසූරියට කියලා. අද කියනවා නාමල් රාජපක්ෂ, හෙට කියනවා නැහැ දුන්නේ නැහැ, ඊට පස්සේ ගාන වෙනස් කරනවා, අනිද්දා කියයි හරිනි අමරසූරිය කියලා.
මේ වගේ දූෂිත ව්‍යාපාරිකයෝ අල්ලගෙන, මේ ආණ්ඩුවේ ගනුදෙනු, ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරපු මේ කණ්ඩායමක් එකතු කරගෙන තමයි මේ උත්සාහය. හැබැයි පැහැදිලිවම අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ, අනුර කුමාර දිසානායක මහත්තයාට, ඔබතුමාගේ අදහස ලංකාව තුළ, විශේෂයෙන්ම වී මිලට ඔබතුමන්ලා පොරොන්දු වෙච්ච රුපියල් 150 ලබා දීපු නැති එකේ ප්‍රතිඵලය අද රටේම ගොවි මහත්තුරු ටික එක තැනකට එකතු වෙමින් ඉන්නේ.
ඒ එකතුවෙන ගොවි මහත්තුරුන්ට නායකත්වය දෙන්න නාමල් රාජපක්ෂ මැතිතුමා 12 වෙනිදා රටේම ඉන්න ඒ ගොවි මහත්තුරුන්ගේ ප්රශ්නය එකතු කරලා ඒ විරෝධතා රැලිය ආරම්භ කරනවා. ඒක කඩාකප්පල් කරන්න සූදානම් වෙනවා නම් ඔබතුමාට කියන්න කැමතියි, කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒ වගේම රටේ ජනතාව සූදානම් නැහැ අඩියක් නෙවෙයි කිසිම දෙයක් පිටිපස්සට ගන්න අපි සූදානම් නැහැ.
ඒ වගේම තමයි 12 වෙනිදා අපි අනිවාර්යයෙන්ම මේ රැලිය සූදානම් කරනවා, මං හිතන්නේ ඊයේ දිනේ ඉඳන්. අපි හිතුවා නාමල් රාජපක්ෂ මැතිතුමා අත්අඩංගුවට අරගෙන බය වෙයි කියලා තමයි කට්ටිය බලාපොරොත්තු වුණේ. හැබැයි ඊයේ දිනේ ඉඳන් වෙනදටත් වැඩිය, වෙනදටත් වැඩිය සහභාගීත්වය දැන් වැඩි වෙනවා මිසක් අඩු කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ.