රාජපක්ෂ පවුලේ සාමාජිකයින් නීතියේ රැහැනට හසුකළ යුතු බවත්, ක්රියාමාර්ග ගැනීමට සහය දක්වන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
“රාජපක්ෂලව හිරේ දාන්න ඕනෙ තමයි, රනිල් විරුද්ධ වෙද්දී ආශු වැඩේට සහය දෙයි,” යැයි ඔහු අදහස් දක්වා තිබේ.
වත්මන් රජය බලයට පත්වීමට පෙර “යහපාලන” රජය බිහිකිරීමට එක්සත් ජාතික පක්ෂය ඉටු කළ කාර්යභාරය සිහිපත් කරමින්, “අපි යහපාලන ආණ්ඩුව ගෙනාවෙත් එකට තමයි” යනුවෙන් ද මාරසිංහ මහතා සඳහන් කර ඇත.
මීට අමතරව, එවකට විවිධ පාර්ශව එකතු වී තිබූ දේශපාලන තුලනය පිළිබඳව ද අදහස් දක්වමින්, “තට්ටිය එකතු වෙලා එදා බැලන්ස් කරපු කිටිය අපි දන්නවා” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් අදහස් පළ කර තිබේ.
මේ පුවත තව අයට බලන්න







