Home Local News Room : අනුරාධපුර පොහොට්ටු රැලියට එජාපයෙන් උණුසුම් සුබ පැතුම්! ~

News Room : අනුරාධපුර පොහොට්ටු රැලියට එජාපයෙන් උණුසුම් සුබ පැතුම්! ~

0
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) අනුරාධපුරයේ සංවිධානය කරන දිස්ත්‍රික් රැලියට එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ බව සඳහන් කරමින් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ,

මෙම අනුරාධපුර රැලිය සංවිධානය කරන්නේ පොහොට්ටුවේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්. නමුත් මෙම රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින්ම ඔහු හදිසියේ අත්අඩංගුවට ගත් බව පෙනවා.

එවැනි බාධා කිරීම් වලට නොසැලී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන මෙම රැලියට එක්සත් ජාතික පක්ෂයේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බවයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here