රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (8 දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා රැගෙන යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසියට සහභාගි කරවීමට කටයුතු කරන ලෙස ලැබුණු උපදෙස් අනුව මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව වෙත රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා මාධ්‍ය වෙත පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා නිවසෙන් රැගෙන එන ආහාර පාන ලබාගන්නා අතර රිමාන්ඩ් සැකකරුවකුට බන්ධනාගාර නීතිය අනුව එක් දිනකදී තුන් වාරයක් අමුත්තන් හමුවීමට අවස්ථාව ලැබෙන බවද පල්ලේතැන්න මහතා කීය.
මේ පුවත තව අයට බලන්න