Home Local News Room : නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විශ්‍රාම යයි ~

News Room : නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විශ්‍රාම යයි ~

0
0
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා වසර 38ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කරමින් අද (08) පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබීය. ඒ මහතාගේ විශ්‍රාම යාම නිමිත්තෙන් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක් සහ උපහාර උළෙලක් පවත්වනු ලැබීය.

පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ලෙස වාර්තා අතරට එක්වූ අජිත් රෝහණ මහතා, නීතිවේදී (LL.B) උපාධිධාරියෙකු මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස ද කටයුතු කරමින් පොලිස් දෙපාර්තමේන්තුවට නීතිමය ක්ෂේත්‍රයෙන් ඉහළ දායකත්වයක් ලබා දුන් නිලධාරියෙකි.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ඔහු ඉටුකළ සුවිශේෂී සන්නිවේදන කාර්යභාරය සහ ඔහුගේ වෘත්තීය නිපුණතාවය හේතුවෙන් ඔහු මහජනතාව අතර ඉමහත් ප්‍රසාදයට හා ගෞරවයට පාත්‍ර විය. ඕනෑම සංකීර්ණ ගැටලුවක් සරලව සහ පැහැදිලිව ජනතාවට සන්නිවේදනය කිරීමේ හැකියාව ඔහුගේ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය.

අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ උපත ලබා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ගත්තේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here