Home Local News Room : රට පුරාම සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්! ~

News Room : රට පුරාම සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්! ~

0
0

රටේ මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇත.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන්, එහි දෙවනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කර ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මේ බව අද (08) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here