Home Local News Room : වැලිකඩ සිට ආ නාමල් පාර්ලිමේන්තුව අමතයි… රටටම රෝහල් නොයා...

News Room : වැලිකඩ සිට ආ නාමල් පාර්ලිමේන්තුව අමතයි… රටටම රෝහල් නොයා කොත්තමල්ලි බොන්නලු

0
0
ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩු වල මිළ ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත,බඩු මිළ වැඩියි. පොළවල් වලට ගියාම ඒ මිළ ගණන් ඇහුවාම මිනිස්සු අසරණ වෙනවා තමයි. හැබැයි ඉතින් පොළට යන හැම කෙනාම මේ මේ එහෙමම බඩු මිළ වැඩියි කියලා ඉස්පිරිතාලෙට යන්නේ නැහැ බෙහෙත් ගන්න. ඉතින් යන කෙනාට ගරු සභාපතිතුමිය යන්න අයිතියකුත් තියෙනවා.
​අනිත් පැත්තෙන්, අද උද්ධමනය වැඩි වෙලා තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
“බොහොම ස්තූතියි ගරු සභාපතිතුමිය. මේ සුබයි සුබයි කිව්වා ඔවු. 159 දෙනාටයි ජනාධිපතිතුමාට නම් සුබයි. හැබැයි ඉතින් මේ  රේගුවෙන් වැඩිම ආදායම් ලැබුවේ ගරු සභාපතිතුමිය මේ ආණ්ඩුවෙන්. අර කන්ටේනර් 323 පැන්නුවනේ ඔබතුමීලගේ ආණ්ඩුව. ඒ කන්ටේනර් 323 පන්නපු වෙලාවේ.
​දැන් මේ කතා ඔබතුමාලා බලයට ආපු දවසේ ඉඳන් අරකට සල්ලි වෙන් කරා, මේකට වෙන් කරා කියලා කියනවා. හැබැයි අවංකව බිම් මට්ටමේ මේවා යථාර්ථයක් බවට පත් වෙනවාද? බිම් මට්ටමේ මේ මුදල් ආයෝජනය වෙලා රටේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය වෙනවාද? වර්තමානයේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය මේ රටේ සාමාන්‍ය ව්‍යවසායකයාට, ව්‍යාපාරිකයාට දරා ගන්න පුළුවන්ද. 
දැන් මේ ප්‍රශ්නෙ තියෙන්නෙ ගරු සභාපතිතුමිය ආණ්ඩුව උත්තරයක් දෙන්න ඕනේ. මේ ප්‍රශ්නෙට ආණ්ඩුව උත්තරයක් දෙන්න ඕනේ.
​යථාර්ථය තමයි ගමේ ජීවන වියදම වැඩි වෙලා. ගොවියාගේ ආදායම අඩු වෙලා. දැන් මේ කාලගුණය, එල්නිනෝ තත්ත්වය පිළිබඳව ආණ්ඩුව කියවනවා. හැබැයි ඉතින් එල්නිනෝ එන්න කලින් වෙලාවට වතුර ටික දුන්නේ නැහැ. පොහොර ටික යැව්වේ නැහැ. ආණ්ඩුවෙන් ලබා දෙන්න ඕනේ පොහොර වලට ප්‍රමාද කරාට පස්සේ මොකක්ද වෙන්නේ? එකම නැවයි පොහොර ටික එන්නේ. හැබැයි පෞද්ගලික ව්‍යාපාරිකයාගේ පොහොර ටික ගමට කලින් යනවා. ආණ්ඩුවේ මුදල් ටික පරක්කු වෙනවා. අවසානයේ ගොවියා වැඩි මුදලට පොහොර මිළදී ගන්න ඕනේ. වැඩි මුදලට පොහොර මිළදී ගත්තාට පස්සේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. හැබැයි ආණ්ඩුව සුපුරුදු පරිදි තමන්ගේ සහනය දුන්නා කියලා ගාණක් හදනවා.
​දැන් රුපියල් 120ට වී යනකොට ඔබතුමාලාමනේ කිව්වේ 150ක්වත් දෙන්න ඕනේ කියලා කුඹුරට බැහැලා, ගොයම් කාල දැඟලුවේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? දැන් කියනවා නැහැ 120 නෙවෙයි, 151ක් නෙවෙයි දැන්. දැන් අද වී කිරන්නේ, තෙත වී කිරන්නේ 80යි 85යි. මේකයි ඇත්ත කතාව. වේලපු වී 90යි 95යි. ආයේ මේ ආණ්ඩුව 120ක් කියලා කිව්වට ආණ්ඩුව වී මිළදී ගන්නේ නැහැ. ගත්තු ඒවයේ සල්ලි දීලත් නැහැ.
​හැම මේ කාලසීමාව ඇතුළත මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පිටරටින් හාල් ගෙනල්ලා තියෙනවා. දැන් මේ රටේ ගොවියාගේ වී ටික විකුණගන්න බැරි වෙනකොට ගරු සභාපතිතුමිය, මේ රටේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න බැරි වෙන ආණ්ඩුවට පිටින් හාල් ගෙනල්ලා විකුණන්න පුළුවන්. අවුරුද්දේ මාස 12න් මාස දෙකක් කන්න දෙන ප්‍රමාණයට පිටින් හාල් ගෙනල්ලා තියෙනවා. අවසානයේ මොකක්ද වෙන්නේ? අවසානයේ අපහසුතාවයට පත් වෙන්නේ ගොවි ජනතාව.
​දැන් අද වෙනකොට අර  ප්‍රධාන ජලාශ 74න් ජල මට්ටම 34%කට අඩු වෙලා තියෙනවා. 
පානීය ජලය නැහැ. සමහර ගම්වලට දවස් 20යි 25යි අතරතුර තමයි ගරු සභාපතිතුමිය වතුර යන්නේ. දැන් මේවට සහනයක් දෙන්න ආණ්ඩුවේ මැදිහත්වීම මොකක්ද? දැන් අර පහුගිය කාලේ දිට්වා ආපු වෙලාවේ දැක්කනේ ජනාධිපතිතුමා ඇවිල්ලා කියපු කතා ටික. අර තහඩුවක් ගියොත්, අර මාතලේ දිනේෂ් අයියා දීලත් දන්නේ නැහැ, තහඩුවක් ගියොත් දෙනවා කිව්වා ලක්ෂ 10ක්. ඉඩමකට දෙනවා කිව්වා ලක්ෂ 50ක්. ගෙදරකට දෙනවා කිව්වා ලක්ෂ 50ක්. ඒ ඔක්කොමත් කියලා මදෑ, දැන් නේපාලයටත් ඩොලර් මිලියනයක් දෙනවා කිව්වා. නේපාලයටත්! දැන් ඒකත් පොල්ල තිබ්බද කියලා ගරු සභාපතිතුමිය මම නම් දන්නේ නැහැ. ඉතින් මම ඔබතුමියගෙනුත් ඉල්ලන්නේ, ගරු කතානායකතුමාටත් කියන්නේ මේ නේපාලයට නම් පොලු තියන්න තියන්න එපා. ඒක ජාත්‍යන්තර වශයෙන් මේ රටට හොඳ නැහැ.
​අනිත් පැත්තෙන්, දැන් ඔබතුමාලා එක පැත්තකින් ලස්සන සුරංගනා කතා කියනවා. දැන් මේ මාර්ග නීති තද කරන එක හොඳයි. හැබැයි මගීන්ට අපහසුතාවයකට පත් වෙන්නේ නැති වෙන්න. දැන් හයිවේ එකේ බෙල්ට් දාගෙන, දැන් හොඳයිනේ දැන් ඇඹුල්තියල් ගේන්න පුළුවන් බෙල්ට් එක දාගෙන, හෙල්ලෙන්නේ නැහැනේ. හයිවේ එකේ ඇඹුල්තියල් අරන් එන්න පුළුවන් ගරු සභාපතිතුමිය, දැන් කිසි ප්‍රශ්නයක් නැතුව බෙල්ට් එකත් දාගෙන හයිවේ එකේ එන්න පුළුවන් දැන්. හැබැයි එන ගමන් දැන් හයිවේ එකේ එන්න තියා ඇඹුල්තියල් හදන්න විදියක් නැහැ, බේරුවල වරායට බෝට්ටු එන්න දෙන්නේ නැහැ. ඇයි ජනාධිපතිතුමා ! බේරුවල යනකොට බේරුවල වරායට බෝට්ටු එන්න දෙන්නේ නැහැ, කොහොමද ඇඹුල්තියල් හදන්නේ?
​ඒ හින්දා ඔබතුමියලා ඔබතුමාලාගේ කතා නම් හොඳයි. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය, අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්නය බිම් මට්ටමේ මේවා ප්‍රායෝගික වෙනවාද? දැන් පහුගිය කාලේ කිව්වා විශ්වවිද්‍යාල 50ක් හදනවා කිව්වා. විශ්වවිද්‍යාල 50ක් කෙසේ වෙතත්, සැලසුමක්, ඒ සැලසුම් කරනවා, විශ්වවිද්‍යාල 50ක් කෙසේ වෙතත් ගරු සභාපතිතුමිය, මම දැක්කා දෙවෙනි තට්ටුවට නම් මුල්ගල් තියෙනවා ඉස්කෝලෙක බිල්ඩින් එකක. දැන් මේ බ්ලොක් ගලක් ගිහිල්ලා තියෙනවා නැකතට. විශ්වවිද්‍යාල 50ක් හදනවා කියලා ආවේ. ඉතින් මේ කාවද රවට්ටන්න හදන්නේ? කාවද රවට්ටන්න හදන්නේ?
​තව පැත්තකින්, ගරු සභාපතිතුමිය, දැන් ජනාධිපතිතුමා කියනවා කොත්තමල්ලි බීලා ගෙදර ඉන්නලු. දැන් එනකොට කිව්වේ පුරවැසියන්ගේ මේ ප්‍රමාණයට අවශ්‍ය, රෝගීන්ට අවශ්‍ය වෛද්‍යවරු දෙනවා කියලා. ආපු ගමන් ඔබතුමියලා GMOA එකත් එක්ක හැප්පුණා. වෛද්‍යවරු විවේචනය කරා. දැන් බෙහෙත් නැහැ ඉස්පිරිතාල වල. Life saving drugs නැහැ ඉස්පිරිතාල වල. පිළිකා රෝගීන්ගේ අවශ්‍ය බෙහෙත් ටික නැහැ ඉස්පිරිතාල වල. හැබැයි එහෙම කියන ඔබතමුන්නාන්සේලා,  ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි ඉස්පිරිතාලෙට බෙහෙත් දෙන්නේ නැති ඔබ මොකද කරන්නේ? ඔබ තමුන්නාන්සේලා දැන් ඇවිල්ලා කියනවා ඉස්පිරිතාල යන්නත් එපාලු. අවුරුද්දකට කෝටි 8ක් ජනතාව ඉස්පිරිතාල වලට යනවා කියනවා. ඒ කියන්නේ කෝටි 8ක්, ඒ කියන්නේ දළ වශයෙන් එක පුද්ගලයෙක් 4 වතාවයිනේ යන්නේ. මේ රටේ සාමාන්‍යයෙන් අඩු ආදායම් ලබන අය.
දැන් ඔබතුමාලාට ඔබතුමීලාට ප්‍රශ්නයක් නැහැ දැන් 159 දෙනා පොෂ් වෙලානේ දැන් කොළඹ ඉන්නේ. දැන් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවනේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඔබතුමීලා යන්නේ ලොකු ලොකු ඉස්පිරිතාල වලට. ඉතින් ඒක දැන් ඔබතුමීලාට, මේ ආණ්ඩුවේ ඉන්න අයට බලපාන්නේ නැහැ.
​හැබැයි තාමත් ගරු සභාපතිතුමිය, ගමේ ඉන්න දරුවෝ, ගමේ ඉන්න දෙමාපියන් තමන්ගේ දරුවන්ට අසනීප වුණාම අරන් යන්න තියෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. 
ඉතින් ඒ ඉස්පිරිතාලෙට බෙහෙත් ටික තියෙන්න ඕනේ. කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියලා ජනාධිපතිතුමාට කියන්න අයිතියක් නැහැ. දැන් ජනාධිපතිතුමා හිතනවා නම් කොත්තමල්ලි බීලා ගෙදර හිටියාම වැඩේ හරි, බෙහෙත් ටික අරන් දෙන්න ඕනේ නැහැ ඉස්පිරිතාල වලට, ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ බෙහෙත් ටික අරන් නොදී ඉස්පිරිතාල වල ලෙඩ්ඩු ටික තියාගන්න පුළුවන්, ළමයි ලෙඩ්ඩු ටික ගෙවල් වල තියාගන්න පුළුවන් කියලා ඉතින් ඒකෙන්ම හිතාගන්න පුළුවන් අද මේ රට පාලනය කරන ජනාධිපතිවරයාගේ මානසිකත්වය.
​ඩෙංගු රෝගීන් විතරක් ලක්ෂයක් ඉන්නවා. මරණ ගණනාවක්. දැන් ඩෙංගු රෝගයෙන් හැදෙන අයටත් කොත්තමල්ලි බීලා බුදියන්න කියලද කියන්නේ? 
දැන් ඔබතමුන්නාන්සේලාගේ ප්‍රාදේශීය සභා, නගර සභා බහුතරයක් තියෙන්නේ. අඩු ගානෙන් ඔබ මැදිහත් වෙනවාද ඒ නගර සභා, ප්‍රාදේශීය සභා වල ඩෙංගු රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න? නැහැ. ඒකටවත් මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි රෝගීන් ඉස්පිරිතාල යනකොට දැන් ඉස්පිරිතාල යන එක ප්‍රශ්නයක් කරගන්නවා.
​ඉතින් ඒ හින්දා කරුණාකරලා ගරු සභාපතිතුමිය, අපි ආණ්ඩුවටත් කියන්නේ මේ ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න. මේ රෝගීන්ට කොත්තමල්ලි බීලා, කොත්තමල්ලි බොන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ පුද්ගලයන්ට අයිතියක් තියෙන්න ඕනේ ඉස්පිරිතාලයකට යන්න ඕනේ නම් යන්න. ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩු වල මිළ ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත! බඩු මිළ වැඩියි. පොළවල් වලට ගියාම ඒ මිළ ගණන් ඇහුවාම මිනිස්සු අසරණ වෙනවා තමයි. හැබැයි ඉතින් පොළට යන හැම කෙනාම මේ මේ එහෙමම බඩු මිළ වැඩියි කියලා ඉස්පිරිතාලෙට යන්නේ නැහැ බෙහෙත් ගන්න. ඉතින් යන කෙනාට ගරු සභාපතිතුමිය යන්න අයිතියකුත් තියෙනවා. ​අනිත් පැත්තෙන්, අද උද්ධමනය වැඩි වෙලා තියෙනවා.
තවත් පැත්තකින් ගරු සභාපතිතුමිය, මේ Cybercrimes against children. මේ දරුවන්ට මේ සයිබර් අවකාශයේ දරුවෝ ආරක්ෂා කරගන්න එක අද ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටෙත් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව එක පැත්තකින් හිතනවා ඇති තමන්ගේ සමාජ මාධ්‍ය මෙහෙයවන අය දාලා පරුෂ වචනයෙන් බැනලා චරිත ඝාතනය කරලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය මේක ඇතුළේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට, ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මේ රටේ අවසාන මේ රටේ දරු පරම්පරාව ඒකේ ගොදුරක් බවට පත් වෙනවා. ඉතින් අද අපිත් රටක් විදියට ඒකේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා, අධ්‍යාපන අමාත්‍යවරයා විදියට අග්‍රාමාත්‍යවරියටත් වගකීමක් තියෙනවා මීට වඩා මේකට මැදිහත්වීමක් වෙලා මේ Cybercrime against children නැත්නම් දරුවෝ මේ සයිබර් අවකාශයෙන් ආරක්ෂා කරන්න අවශ්‍ය නීති රීති ක්‍රියාත්මක කරනවා වගේම නීති රීති හදන්න.
​ඉතින් ඒ වගේම තමයි ගරු සභාපතිතුමිය, අපි පැහැදිලිවම කියන්නේ, අපි ඔබතුමාලාගෙනුත් ඉල්ලන්නේ මේ කරුණාකරලා මේ රටේ ජනතාව රවට්ටන්නේ නැතුව මේකේ මේ සුරංගනා කතා කියලා, රැස්වීම් මැදින් ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි, හැබැයි සුරංගනා කතා කියලා ඔබතුමීලා හිතනවා නම් මේ රටේ මිනිස්සුන්ව අන්දගෙන මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මෙහෙම මාර්ග නීති හදන ඒවා බොහොම හොඳයි. පාරවල්නුත් හදන්න, දෙවෙනි තට්ටුවටත් මුල්ගල් තියන්න, කැක්කුසියටත් මුල්ගල් තියන්න, කොත්තමල්ලි මිළත් අඩු කරලා දෙන්න. හැබැයි ඒ අතර මේ රටේ ජනතාවට දැනෙන්න පුළුවන් වෙන දරාගන්න පුළුවන් වෙන විදියට දරාගන්න පුළුවන් වෙන විදියට ජීවන වියදමත් පාලනය කරන්න කටයුතු කරන්න කියලා මතක් කරනවා.”
මේ පුවත තව අයට බලන්න

.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}

.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}

.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}

.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}

.share-btn img {
width: 24px;
height: 24px;
}

/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}

/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}

.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

(function () {
var url = window.location.href;

// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);

// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here