Home Local News Room : රාජපක්ෂ පාලන සමයට සම්බන්ධ .ඩොලර් මිලියන 22ක හොංකොං ගිණුමක්...

News Room : රාජපක්ෂ පාලන සමයට සම්බන්ධ .ඩොලර් මිලියන 22ක හොංකොං ගිණුමක් තහනම් කර තිබූ බවට ආශු මාරසිංහගෙන් අනාවරණයක්! ~

0
0
2015 වසරේදී යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, පෙර පැවති රාජපක්ෂ පාලන සමයට සම්බන්ධ පුද්ගලයකුට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 22ක පමණ මුදලක් සහිත හොංකොං බැංකු ගිණුමක් අත්හිටුවීමට කටයුතු කර තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ චෝදනා කරයි.

එම අවස්ථාවේදී අදාළ පාර්ශවයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු ආරම්භ කර තිබූ නමුත්, එකල පැවති ආණ්ඩුවේ සිටි ඇතැම් පුද්ගලයන් මැදිහත්වී එම නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වාගෙන යෑම වළක්වාලූ බවට ඔහු චෝදනා කළේය.

පසුගිය පාලන සමයන්හිදී දූෂණ චෝදනාවලට ලක්වූ පුද්ගලයන්, වත්මන් ආණ්ඩුව විවේචනය කරන පිරිස අතර දැනට සිටින බවද ඔහු පැවසීය.

එමෙන්ම වත්මන් ආණ්ඩුවට එරෙහිව මෙහෙයවනු ලබන ව්‍යාපාරයන්හි නායකත්වය ගැනීමට වත්මන් විපක්ෂයේ ඇතැම් කොටස්වලට ඇති විශ්වසනීයත්වය පිළිබඳවද ආශු මාරසිංහ ප්‍රශ්න කළේය.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස නොසැලකිය යුතු බවත්, ප්‍රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවලදී නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here