පාර්ලිමේන්තු බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි පසුගිය 2009 වසරේ සිට 2016 වසර දක්වා කාලයේදී ලංකා ගල් අඟුරු සමාගම කළ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් මෙම විශේෂ විගණන වාර්තාව සකස් කර ඇත.
රුපියල් කෝටි 414 කට අධික පාඩුවට වගකිව යුතු නිලධාරීන් හඳුනාගත යුතු බවත් ඉදිරියේදී මෙවැනි පාඩුවක්, අතිරේක වියදම් සහ ආදායම් අහිමිවීම් ඇති නොවන පරිදි ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බව විගණකාධිපතිවරයා මෙම විශේෂ වාර්තාවෙන් නිගමනය කර ඇත.
ගල්අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් ඇතිවූ අමතර වියදම සම්බන්ධයෙන් විගණන වාර්තාවෙන් දැඩි අවධානයක් යොමුකර ඇත.
ගල්අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකි වීමෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා වැයවූ අමතර වියදම රුපියල් කෝටි 1,250ක් බව අමාත්‍යාංශ ලේකම්වරයා ගණනය කර තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න







