රන් ආලේපිත ගිනි අවියක් නීතිවිරෝධී ලෙස ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද (10) අධි චෝදනා භාරදී තිබේ.
මහාධිකරණ විනිසුරුවරයා හමුවේ අදාළ අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, විත්තිකාර හිටපු අමාත්‍යවරයා ඇතුළු දෙදෙනා නියමිත කොන්දේසි යටතේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.
මේ පුවත තව අයට බලන්න







