Home Local News Room : ෂම්මිලා ෂේප් කරන්න ක්‍රිකට් පුහුණුකරුවෙකුත් බලපෑම් කරලා

News Room : ෂම්මිලා ෂේප් කරන්න ක්‍රිකට් පුහුණුකරුවෙකුත් බලපෑම් කරලා

0
0
මේ දිනවල හිටපු ක්‍රිකට් ලොක්කන් එකිනෙකා පොලිස් නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකයට කැඳවමින් තිබෙන බව වාර්තා වේ. ඒ නීතිපතිවරයා විසින් එම ඒකකයට යොමු කරන ලද පැමිණිල්ලක් හේතුවෙනි.
එම පැමිණිල්ලට පාදක කොට ඇත්තේ 2023  ක්‍රිකට් ආයතනයේ කටයුතු පිළිබඳ  විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ වාර්තාවයි.
එහි දැක්වෙන කරුණු 32 ක් පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බව වාර්තා වේ.
මේ අනුව මොවුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරුත් විමර්ෂණය කෙරේ.
මෙම විමර්ෂණ යට ගැසීම සඳහා වත්කම් විමර්ෂණ ඒකකයට විවිධ අන්දමේ බලපෑම් සිදු කෙරෙන බව දැන ගන්නට ඇත.
 විපක්ෂයේ මෙන්ම රජයේද ඇතැම් දේශපාලකයන් මෙන්ම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ද මේ බලපෑම් කරුවන් අතර සිටින බව වාර්තා වේ.
මේ අතර මාලිමාවේ ඉහළ ස්ථරයේ අය තම හොඳ මිතුරන් බව පෙන්වන එක්තරා හිටපු ක්‍රීඩකයෙක් පසුගියදා  සුහද හමුවක් අතර විමර්ෂණ ඒකකයක ඉහළ නිලධාරියකු හමු වී ෂම්මිලා ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් කර තිබෙන නිසා ඔවුන් ෂේප් කර දෙන මෙන් ඉල්ලනු දුටු අය පුදුමයට පත්ව තිබේ.
ෂම්මිලා ක්‍රිකට් වලට කෙසේ වෙතත් රැකියාවක් නොමැතිව  නන්නත්තාර වී සිටි  මෙම ක්‍රීඩකයාට ලක්ෂ 20 ක මාසික වැටුපක් සහිතව  ක්‍රිකට් ආයතනයේ පුහුණුකාර කමක් ලබා දී තිබීම නම් ඇත්තක්  බව එම ස්ථානයේ සිටි අයකු අප සමග පැවසීය.
මෙම ක්‍රීඩකයා ජනප්‍රිය ටෙලි නාට්‍යයකද පුහුණුකරුවකු ලෙස රඟපාන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here