Home Local News Room : Breaking:ඥානසාර හිමියන්ට හිටපු ජනපති මෛත්‍රී දුන් පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය...

News Room : Breaking:ඥානසාර හිමියන්ට හිටපු ජනපති මෛත්‍රී දුන් පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි ~

0
0
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබාදුන් ජනාධිපති ක්ෂමාදානය හිතුමනාපී සහ නීතියට පටහැණි බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය බලරහිත කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇත. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 6ක බරපතල වැඩසහිත බන්ධනාගාර දඬුවම් විඳිමින් සිටි ඥානසාර හිමියන්ව 2019 මැයි 23 වනදා මෙලෙස නිදහස් කර තිබිණි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here