අනිසි ලෙස දැරියන් ස්පර්ශ කලේ යයි එල්ල වන චෝදනාවන්ට නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා ප්‍රතිචාර දක්වයි.
“ඔය දරුවා, බුලත් අත දෙනවා, බුලත් අත දීලා, දරුවාගේ බුලත් අත මම ගන්නවා, අරගෙන දරුවා මට ඊළඟට වඳින්න හදනකොට, මම වඳින්න එපා පුතේ කියලා, අත් දෙකෙන් උස්සනවා.
මගේ එහා පැත්තේ හිටපු දෙන්නට ඒ දරුවා වැන්දා. මම කිව්වා, වඳින්න එපා පුතේ, දේශපාලනඥයින්ට වඳින්න ඕන නැහැ ඕගොල්ලෝ කියලා, අම්මා තාත්තට වඳින්න කියලා, මම අත් දෙකෙන් අල්ලලා අයින් කළා. මම ඔච්චරයි කියපු දේ.
ඉස්කෝලේ යන දරුවන්ගෙන් මම අහන්නේ, ‘දැන් ඔයාට ලස්සන ගෙයක් තියෙනවා නේ ද? ඉස්කෝලේ යනකොට යාළුවන්ට කියන්න පුළුවන්’. ඔය වගේ ඉතින් අපි ගියා ම ඒ දරුවන්ගේ සතුටට අපි කතාබහ කරනවා.
ඇත්තට ම මානුෂීය ප්‍රශ්නයක් නේ, මැටි ගෙයක ඉඳලා පාසල් යන පුංචි දරුවෙක්, එයා මොන තරම් පීඩාවකට පත් වෙනවා ද, එතකොට ඔය ළමාරක්ෂාව ගැන ලියන අය ඒ දරුවෝ විඳින දුක කවදාවත් ම දැකලා නැහැ.
ඒ පේන දේ වෙන දේශපාලන දෘෂ්ඨිකෝණයකින් බලලා තමයි ගොඩක් අය ලියලා තියෙන්නේ. මට නම් දැනෙන්නේ. ඒ අයට තියෙන මොකක් හෝ ඉරිසියාවක් තමයි වැඩියෙන්.
ළමාරක්ෂක සහ ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න සංවිධාන මේකේ පෙන්වලා දෙන එක නීත්‍යනුකූල පැත්තෙන් මට පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නීතියක් නේ, ඒක ඒගොල්ලෝ පෙන්වන එක. ඒකට මම අභියෝග කරනවා නෙවෙයි, මගේ ඇත්ත හෘදය තියෙන්නේ ඔය කියන ක්‍රියාවලියක් නෙමෙයි දරුවන්ට ඇත්තට ආදරය කරපු එකක් ඔය තියෙන්නේ .
මම මොන ම දරුවෙකුගෙන්වත් එහෙම වැඳුම් ගන්න කෙනෙක් නෙවෙයි. එහෙම ඕනේ නැහැ නේ. මොකට ද දේශපාලනඥයින්ට දරුවෝ වඳින්නේ. ඒක තමයි මම එපා කියන්නේ. ඔය හැම ෆොටෝ දෙක තුනේ ම, ඒ දරුවන්ගේ අතින් අල්ලගෙන මම කියන්නේ වඳින්න එපා කියලා.
ඔය ජාතියේ ෆොටෝ කොච්චර නම් තිබ්බ ද මහින්දලාගේ පැත්තේ. ඔය ලියන මහත්තුරු ලිව්වේ නැහැනේ මහින්දට එහෙම. නාමල්ලාගේ කොච්චර ෆොටෝ තියෙනවා ද ඕවා. අකුරැස්සේ 400ක් දරුවෝ දූෂණය කරපු පොහොට්ටුවේ සභාපතිට ඔය ලියන මහත්තුරුන්ගේ කාලේ මොකක් ද වුණේ… හම්බන්තොට ළමා අපචාර කරපු අයට මොකද වුණේ, ඒ දවස්වල පත්තරයක් අරන් බලන්නකෝ, කොච්චර නම් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අහවල් ළමයා දූෂණය කරලා… ඒ දවස්වල පත්තර ටිකක් අරන් බලන්නකෝ කොච්චර ද කියලා. එදා කටක් ඇරපු නැති ඒ මහත්තුරුන්ගේ කට්ටිය දැන් ඔය ලියන්නේ දරුවෙකුට වඳින්න එපා කියලා අතින් අල්ලලා කියපුවා ම, ඒක ලියනවා නම් ඔය විදියට එදා දූෂණයට ලක් වෙච්ච ඒවා ගැන මොනවා ද ඒ මහත්තුරු ලිව්වේ? ඒ මහත්තුරුගේ කට්ටිය නේ. ඔය ෆේස්බුක්වල ලියන කට්ටිය හොයලා බැලුවොත් ඔය දේශපාලන පක්ෂවල කට්ටිය නේ”