Home Local News Room : රිෂාඩ් බදියුදීන් සහරාන්ගේ ආරක්ෂකයා පාස්කු ප්‍රහාරයට උදව් කරපු හැටි!...

News Room : රිෂාඩ් බදියුදීන් සහරාන්ගේ ආරක්ෂකයා පාස්කු ප්‍රහාරයට උදව් කරපු හැටි! ~

0
0
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට පෙර රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන රැකවරණය මත කීප අවස්තාවකදීම සහරාන් හෂිම් මන්නාරම් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගොස් ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කරයි.

අනතුරුව සහරාන් හෂීම් ඉන්දියාවට ගොස් නැවත ලංකාවට පැමිණීමේදී ඔහුට අවශ්‍ය සියලුම දේශපාලන රැකවරණය ලබාදීලා තිබෙන්නේ රිෂාඩ් බදියුදීන් බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනි., පාස්කු ප්‍රහාරයට කලින් සහරාන් විදේශ ගතවූ බවට තොරතුරු ලැබී තිබෙනවා. මන්නාරමෙන් මුහුදු මාර්ගයෙන් ඔහු ඉන්දියාවට බෝට්ටු මඟින් විදේශගත වී ඇති බව බුද්ධි අංශ වලට අනාවරණය වී තිබ්බා.

සහරාන් හෂීම් ඉන්දියාවට ගිහින් නැවත ලංකාවට පැමිණීමේදී ඔහුට අවශ්‍ය දේශපාලන රැකවරණය ලබාදීලා තිබෙන්නේ රිෂාඩ් බදියුදීන් කියන නම කියන්න බය වෙන්න අවශ්‍ය නෑ. මේ සිද්ධියේදී ඔහුගේ නම අනාවරණය වන තැන් කීපයක්ම තිබෙනවා.

ඒ වගේම විදේශ ගතවීමට මූල්‍ය සහය ලබාදී තිබෙන්නේ අලව්දීන් නම් ව්‍යාපාරිකයෙක්. අලව්දීන් කියන්නේ ස්වාමීනී, සහරාන් සමඟ ශැංග්‍රිලා එකේ බෝම්බය පුපුරවා ගත් ඉන්සාෆ් නම් පුද්ගලයාගේ මාමණ්ඩි. අලව්දීන්ගේ දුව තමා ඉන්සාෆ් බැඳලා හිටියේ.

ප්‍රහාරයෙන් පස්සේ ස්වාමීනී, ඉන්සාෆ් කියන බෝම්බකරුගේ බිරිඳ ඒ කියන්නේ අලව්දීන්ගේ දුවව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. නමුත් මැතිවරණය තිබිලා ආණ්ඩු මාරු වෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණ ගමන් ඒ තැනැත්තිය රැදවුම් නියෝග අවසන් වීමටත් පෙර මුදා හැරියා.

ඒ වගේම ස්වාමීනි, අලව්දීන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ මන්නාරම් ප්‍රදේශයේ කැම්පේන් එක කිරීමට මූලිකත්වය දැක්වූ පුද්ගලයා. ප්‍රධාන තැනැත්තා.”

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here