ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුවේ 313@Somerset සාප්පු සංකීර්ණයේ ගමන් කරන ආකාරය දැක්වෙන දර්ශන කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මේ අතර, ඇයගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අදාළ බව කියන දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට වාර්තා පළ වී තිබේ.
ඉදිරියේදී, සැප්තැම්බර් 24 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී ඇති බව වාර්තා වේ.
වෛද්‍ය අවශ්‍යතාවක් සඳහා සැප්තැම්බර් 16 වනදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවට වාර්තා පළ වූ පසුබිමක, ඇය සිංගප්පූරුවේ සාප්පු සංකීර්ණයක සිටින ආකාරය දැක්වෙන දර්ශන මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.




මේ පුවත තව අයට බලන්න







