අද (20) පස්වරු 2.00 ට නිකුත් කරන ලද මෙම යාවත්කාලීන නිවේදනය හෙට (21) පස්වරු 2.00 දක්වා ඉදිරි පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර, එහිදී ප්‍රධාන දිස්ත්‍රික්ක 3කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා ‘ඉවත්වීමේ’ තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇත.
රතු නිවේදන (තෙවන මට්ටම – ඉවත්වීම) නිකුත් කර ඇති ප්‍රදේශ:
• කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට
• නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ්
• මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරලේ
ඇම්බර් නිවේදන (දෙවන මට්ටම – සූදානම් වීම) නිකුත් කර ඇති ප්‍රදේශ:
• කොළඹ දිස්ත්‍රික්කය: පාදුක්ක
• කළුතර දිස්ත්‍රික්කය: බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට සහ අගලවත්ත
• ගාල්ල දිස්ත්‍රික්කය: නාගොඩ, තවලම සහ නෙළුව
• මාතර දිස්ත්‍රික්කය: අකුරැස්ස සහ පිටබැද්දර
• රත්නපුර දිස්ත්‍රික්කය: පැල්මඩුල්ල, රත්නපුර, අයගම සහ කුරුවිට
• කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය සහ කෑගල්ල
• මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරලේ
• නුවරඑළිය දිස්ත්‍රික්කය: තලවාකැලේ
මීට අමතරව, කොළඹ (සීතාවක), ගම්පහ (මීරිගම), කළුතර (ඉංගිරිය), ගාල්ල (නියාගම, බද්දේගම), මාතර (කොටපොල, පස්ගොඩ, අතුරලිය), මහනුවර (උඩපළාත, යටිනුවර), කෑගල්ල (ගලිගමුව, වරකපොල, රුවන්වැල්ල) සහ රත්නපුර (ඇහැලියගොඩ, කලවාන, ඇලපාත) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ (Yellow – විමසිලිමත් වීමේ) පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වේ.
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබී ඇති සහ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් වැනි ආපදාවලින් ආරක්ෂා වීම සඳහා කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැඩි ලෙස අවධාරණය කරයි.
එමෙන්ම, කඳුකර බෑවුම් හා ඒ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් සහ මහජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ආපදා කළමනාකරණ අංශ ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත් දැනුම් දෙනු ලැබේ.







