Home Local News Room : රුපියල් බිලියන 24ක ඩොලර් නීති විරෝධීව රටින් පිටකළ ජාවාරමෙක්...

News Room : රුපියල් බිලියන 24ක ඩොලර් නීති විරෝධීව රටින් පිටකළ ජාවාරමෙක් අත්අඩංගුවට! ~

0
0
 භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85කට අධික වටිනාකමකින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය සිදුකරන බව හඟවමින්, විද්‍යුත් විගමන පැවරුම් (Telegraphic Transfers) හරහා ඩොලර් සංචිත විදේශගත කර අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති බවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත, අදාළ සමාගම් 89 අතුරින් සමාගම් 05ක් මඟින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක වටිනාකමකින් යුත් විදේශ විනිමය මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ 12, වෝල් වීදිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here