“ව්‍යාජයක් මවාගත්තොත් විශ්වාසය බිඳවැටෙනවා”
තමන් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරන්නේ කිසිදු ව්‍යාජත්වයකින් තොරව සැබෑ තමන් ලෙස පෙනී සිටිමින් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, සිය නිල සටහන මඟින් වැඩිදුරටත් මෙසේ පවසා ඇත:
“මම මුල් කාලයේදීම කිවුවා අපේ පාලන කාලය තුළ අපිට බලයට යනකොට ඡන්දේ දුන්න ජනතාවට වඩා වැඩි පිරිසක් අපිව විශ්වාස කරන්න පෙළඹෙනවා කියලා. ඒ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ ඇත්ත අවංකභාවය තුළින්. මම ව්‍යාජයක් මවාගෙන හිටියොත් ඇත්ත මම පේන්න පටන් ගත් දා සිට විශ්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා මම විශ්වාසය දිනාගන්න උත්සාහ කරන්නේ ඇත්ත මම ලෙස පෙනී සිටීමෙනුයි.””
සිය පාලන සමය තුළ ජනතාව තැබූ විශ්වාසය අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීම සඳහා අවංක සහ විනිවිදභාවයෙන් යුතු පාලන තන්ත්රයක් ඉදිරියටත් පවත්වාගෙන යන බව ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය ඔස්සේ වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ පුවත තව අයට බලන්න







