Home Local News Room : රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් විශේෂ...

News Room : රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් විශේෂ නිවේදනයක්! ~

0
0

‘ඔන්ලයින්’ ණය උගුල් ගැන CID පරීක්ෂණ… කොන්දේසි නොබලා ණය ගන්න එපා කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකුගෙන් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. 

හිටපු ජනාධිපතිවරයා අධිකරණ භූමියට පැමිණෙන අවස්ථාවේදී ප්‍රමාණවත් ආරක්ෂාවක් තහවුරු කර නොතිබීමෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ සැලැස්වූයේද යන්න පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි කතාබහට ලක්ව ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මෙම කැමරා ශිල්පියා හරහා රනිල් වික්‍‍රමසිංහ මහතාට යම් ආකාරයක අනතුරක් කිරීමට පූර්ව සැලසුමක් තිබුණේද යන්න ගැනත් සැක මතුවන බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, සිද්ධියෙන් පසු අදාළ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here