ලෝක වෙළෙඳපොළේ පවතින මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉතා අධික බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි. එසේම, විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලීටරයක් රුපියල් 210කට විකිණීමෙන් ලබන අධික ලාභය පිළිබඳව ද ආණ්ඩුව ජනතාවට පැහැදිලි ප්රකාශයක් කළ යුතු යැයි ද ඔහු කියා සිටී.
ඔහු පෙන්වාදෙනපරිදි ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සහ මෙරට මිල ගණන් පහත පරිදිය.
ඔක්ටේන් පෙට්රල් 92: ආනයනික මිල: රු.292යි ලංකාවේ මිල: රු. 414යි
ඔක්ටේන් පෙට්රල් 95: ආනයනික මිල: රු. 305යි ලංකාවේ මිල: රු. 475යි
ඔටෝ ඩීසල්: ආනයනික මිල: රු. 350යි ලංකාවේ මිල: රු. 392යි
සුපර් ඩීසල්: ආනයනික මිල: රු. 367 යි ලංකාවේ මිල: රු. 528යි
ඉන්ධන මිල ගණන් ගණනය කරන ආකාරය පිළිබඳව සමස්ත ජනතාවගේ දැන ගැනීම පිණිස ඉන්ධන මිල සූත්රය වහාම රටට හෙළි කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටී.
මූලාශ්රය – දිවයින







