අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඇය අද (7) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කෙසේ නමුත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාරිය කොළඹ නවලෝක රෝහල වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.
සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඇය අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර එම නඩුකරයට අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර තිබේ.







