Home Local News Room : UPDATE : ශිරන්ති රාජපක්ෂ‍ගේ විමර්ශනයට අදාළව හිටපු අගවිනිසුරු ශිරානි...

News Room : UPDATE : ශිරන්ති රාජපක්ෂ‍ගේ විමර්ශනයට අදාළව හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ සැමියා අත්අඩංගුවට! ~

0
0
හිටපු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන කරුණු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව වාර්තා වන අතර, සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here