විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ පිරිසක් එක්ව මෙම උතුම් අරහත් ධජය ගලවා ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් අධිකරණයට ගෙනැවිත් සංදර්ශනයක් පෙන්වූ බවයි.
බුද්ධ ශාසනයට වින කිරීමට උත්සාහ දරන ඕනෑම පාර්ශ්වයකට එම ක්‍රියාවම පෙරළා තමන්ටම මහත් විපතක් ගෙන දෙනු ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ.
භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ගලවා ගිහි ඇඳුම් ඇන්දවීමෙන් ආණ්ඩුවේ කිහිප දෙනෙකු සතුටු වුවද, ජාති හෝ ආගම් භේදයකින් තොරව රටේ සමස්ත ජනතාවම මෙම නින්දිත ක්‍රියාව හේතුවෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මිහිඳු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් මෙරටට හිමිවූ උතුම් ශාසනික හා ධර්ම දායාදය විනාශ කිරීමට අතීතයේදී මෙන්ම අනාගතයේදී ද කිසිවෙකුටත් නොහැකි බව පෙන්වා දුන් මිහින්තලා විහාරාධිපති හිමියන්, වත්මන් පාලකයන් විසින් සිදුකරගත් මෙම බරපතළ ඓතිහාසික වරද කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි බව ද වැඩිදුරටත් කියා සිටියහ.
මේ පුවත තව අයට බලන්න







