Home Local News Room : නාමල් නැති පොහොට්ටුව බේරගන්න නෙළුම් මාවතේ සෙට් එක ඩාලි...

News Room : නාමල් නැති පොහොට්ටුව බේරගන්න නෙළුම් මාවතේ සෙට් එක ඩාලි පාරට යයි ~

0
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් ඊයේ (9) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂ දෙකෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද සිල්වා යන පිරිස මෙම හමුවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසට වෛද්‍ය රමේෂ් පතිරණ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ සංජීව එදිරිමාන්න යන අය ඇතුළත් විය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here