2010 වසරේ ජනවාරි මස අගභාගයේදී ශ්‍රී ලංකාව පැවතියේ තීරණාත්මක ජනාධිපතිවරණයක උණුසුමින් දැවෙමිනි. තිස් වසරක රුදුරු යුද්ධය අවසන් කළ රාජපක්ෂ පාලනය එක් පසෙකින්ද, යුද්ධයට නායකත්වය දුන් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ විපක්ෂ බලවේගය තවත් පසෙකින්ද තරඟ බිමට පිවිස සිටියේය.