Home Local News Room : පුද්ගලයින් 5ක් ඝාතනය කළ පිල්ලෙයාන්ට දුන් නියෝගය ~

News Room : පුද්ගලයින් 5ක් ඝාතනය කළ පිල්ලෙයාන්ට දුන් නියෝගය ~

0
0
2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි ප්‍රදේශයේදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතීවු කරෙයියක්කන්තීවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව අද (13) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවයි.

අදාළ නඩුව අද (13) විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් අධිකරණයට ඉදිරිපත් කළ අතර, පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන (27) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ලන්ඩන් නුවර සිටින මොහොමඩ් පායිස් නැමැති සැකකරුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළාය.

අද (13) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් අන්නාතුරෙයි තෂ්ෂිණී වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම නියෝගය කර ඇත.

මෙම ඝාතන සිදුවීම්වලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here