එම ලිපියට අනුව, ඩොලර් ස්ථිර තැන්පතුව මඟින් කෙටිකාලීන ණයෙහි වටිනාකම 100% ක් ආවරණය වන පරිදි, එක් එක් අවස්ථාව අනුව ඇප ලබා ගැනීමේ හැකියාව ඇති බවද පෙන්වාදීඇත.
අවශ්‍ය ලේඛන සමාගමේ සමාන්‍ය මුද්‍රව යටතේ ක්‍රියාත්මක කිරීමට අධ්යක්ෂවරු දෙදෙනෙකු හෝ එක් අයෙක් සහ එම සමාගම් ලේකම්වරයා යන එක් අයකුට කළ හැකි බවට ද අදාළ අධ්යක්ෂ අනුමැතියේ සඳහන් වේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ අදාල ලියවිල්ල කිසි පදනමක් නැති එකක් බවයි.
එම ලියවිල්ලේ ඇති තොරතුරු හා සිය බැංකුව සතු තොරතුරුවලට අනුව දැනට ගැලැපීමක් නැතැයි ද ඔහු අවධාරණය කළේය.
සමාන්‍ය පාරිභෝගිකයකු ලෙස LOLC සමාගමට ද මහජන බැංකුව ණය ලබාදී ඇතැයි ද, ඒවා ඇප හා මුදල් වලින් ආවරණය කරගෙන ඇති බවද චන්දන ගුණියන්ගොඩ මහතා කියා සිටියේය.
LOLC හි නිල වෙබ් අඩවියට අනුව, සමාගම සැම්බියා, ටැන්සානියා, මලාවි, ඊජිප්තුව, නයිජීරියා, සිම්බාබ්වේ, කොංගෝ සහ ගානා ඇතුළු රටවල ක්‍රියාත්මක මූල්‍ය සේවා ව්‍යාපාර රඳවාගෙන සිටින ආයෝජන හිමිකාරී සමාගමකි.
මේ පුවත තව අයට බලන්න







