අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙරට ප්‍රබල දේශපාලන පවුලක සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු ත්‍රිත්වයක් එකම දිනකදී මෙලෙස විභාගයට ගැනෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගන්නා බව පවසා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමකට බැර කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, දූෂණය සහ පොදු දේපළ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධ ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවනු ලැබේ. පසුගිය ඔක්තෝබර් 07 වැනිදා අත්අඩංගුවට පත් වූ ඇය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.
‘ක්‍රිෂ්’ (Krrish) සමාගම් ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහි පවරා ඇති නඩුව ද අද දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.
නිසි සුදුසුකම් නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශ්‍රේණියේ කැඩෙට් නිලධාරියකු ලෙස බඳවාගෙන, අනතුරුව මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පාඨමාලාවක් හැදෑරීමට යොමු කිරීම හරහා රජයේ මුදල් අවභාවිත කර රජයට පාඩු සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවට යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද විභාගයට ගැනේ.
මේ පුවත තව අයට බලන්න