මහනායක හිමියන් හමු වූ අවස්ථාවේදී රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්රීවරයා ප්රකාශ කර සිටියේ, “මේ අය කතරගම පෙරහැරට බෝම්බ ගැහුවා. දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා…” යනුවෙනි.
ඊට වහාම ප්රතිචාර දක්වමින් මල්වතු මහනායක හිමිපාණන් වහන්සේ පවසා ඇත්තේ එම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්ය බවයි.
“මේ අය බෝ*ම්”බ ගැහුවා කියලා කොහොමද කියන්නේ? ඒ කතා කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. අපි ඇත්ත සිදුවීම හොඳින්ම දන්නවා…” යනුවෙන් උන්වහන්සේ වදාලහ.
එකල සිදුවූ සැබෑ සිදුවීම පැහැදිලි කළ උන්වහන්සේ, ජනතා විමුක්ති පෙරමුණ එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය මෙන් දළදා මාලිගාවට බෝම්බ ප්රහාරයක් එල්ල නොකළ බවත්, ඔවුන් කළේ උපන්දිනයක් සමරන මුවාවෙන් කේක් කවා මාලිගාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් රවටා ඔවුන්ගේ තුවක්කු පැහැර ගැනීම පමණක් බවත් පෙන්වා දුන්හ.
මෙම අසත්ය ප්රචාරයන් පිටුපස හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා සිටින බව සඳහන් කළ මහනායක හිමියෝ, “මේවා හිටපු දියවඩන නිලමේ නෙරංජන් කියන බොරු. සමහර අයට කියන්න දෙයක් නැති වුණාම මොනවා හරි බොරුවක් හරි කියනවා,” යනුවෙන් වැඩිදුරටත් අවධාරණය කළහ.
මේ පුවත තව අයට බලන්න