ශිරන්ති රාජපක්ෂ මහත්මිය රෝහලේදී ඇන්ජියෝග්රෑම් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එහි ප්රතිඵල මත පදනම්ව ඇයට ඉදිරි ප්රතිකාර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් යන්න මෙම විශේෂඥ වෛද්ය මණ්ඩලය විසින් නිර්දේශ කරනු ඇත.
‘සිරිලිය සවිය’ ගිණුමේ මූල්ය අක්රමිකතා සහ සාපරාධී වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා කිරුළපන පිහිටි නිවසේදී පැය දෙකකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණය මගින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, මුලින් ඇති වූ අක්ෂි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික අක්ෂි රෝහලටත්, පසුව බන්ධනාගාර වෛද්ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයටත් ඇතුළත් කෙරිණි.
ඇය විවෘත හෘද සැත්කමකට භාජනය වීමට නියමිත බවට නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණද, ඉදිරිපත් වූ වෛද්ය වාර්තා අනුව එවැනි සැත්කමක් පිළිබඳ මෙතෙක් නිශ්චිත නිර්දේශයක් නොමැති බව නිරීක්ෂණය කළ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
ඒ අනුව, විශේෂඥ වෛද්ය මණ්ඩලයේ සවිස්තර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ප්රධාන මහෙස්ත්රාත්වරයා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මේ පුවත තව අයට බලන්න