Home Local News Room : ශිරන්තිට අමාරුයි… මහින්දට විශාදය කියලා ඉල්ලපු ඇප නාමල්ට අද...

News Room : ශිරන්තිට අමාරුයි… මහින්දට විශාදය කියලා ඉල්ලපු ඇප නාමල්ට අද ලැබෙයිද? අද මුළු රටම බලන් ඉන්න නියෝගය ~

0
0

අද (28) රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලස් ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන්.

එසේම ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සලකා බැලීම ද අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කිරීමට නියමිතයි.

ඊයේ (27) දින ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

එබැවින් සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරුන් සිදුකළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

එසේම එහිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ මෙම විත්තිකරුට එරෙහිව අධිචෝදනා 24 ක් යටතේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රය ගොනුකර තිබෙන බවයි.

එම නිසා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා පත්‍ර භාරදීමට නඩුව කැඳවන තෙක් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ තබා ගන්නා මෙන් රජයේ නීතිඥවරයා ඉල්ලීමක් ක‍ර සිටියා.

එහිදී පැමිණිල්ලේ සහ විත්තියේ නෛතික තර්ක සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම දැනුම් දුන්නේ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති අවස්ථාවක් වන බැවින් මේ නඩුව සම්බන්ධයෙන් තවදුරටත් නියෝග නිකුත් කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැති බවයි.

එබැවින් තමාට කළ හැකි එකම නියෝගය සැකකරු නොපමාව අදාළ මහාධිකරණයට යොමුකරන ලෙස දැනුම් දීම බව ද විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව විත්තිකාර නාමල් රාජපක්ෂ අද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්, එසේ ඉදිරිපත් කිරීම පිළිබඳ මේ මස 30 වන දින තම අධිකරණයට දැනුම්දෙන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණා.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here