මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් රාජ්ය තාන්ත්රික දැනුම්දීමක් සිදු කර නොමැති වුවද, ඩුබායි ආරක්ෂක අංශ භාරයේ පසුවන මෙම ප්රබල ජාවාරම්කරු කඩිනමින් ශ්රී ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා මෙරට ආරක්ෂක අංශ මඟින් අවශ්ය මූලික කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.
PHI රොෂාන් කුමාර ඝාතනයේ ප්රධාන මෙහෙයුම්කරු
පසුගිය 2024 වසරේ පෙබරවාරි මස 26 වැනි දින කරන්දෙණිය ප්රදේශයේදී, ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ ප්රධාන සැලසුම සහ කොන්ත්රාත්තුව මෙහෙයවා ඇත්තේ මෙම ‘ඌරගහ ඉන්දික’ නැමැත්තා විසින් බවට මීට පෙර සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
වෙඩික්කරුගේ ප්රකාශයෙන් හෙළිවූ අතිසංවේදී තොරතුරු
අදාළ ඝාතන අපරාධයට සම්බන්ධ ප්රධාන වෙඩික්කරු සිද්ධියෙන් මාස කිහිපයකට පසු ගල්කිස්ස ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් විය. එහිදී අදාළ සැකකරුගෙන් පොලීසිය සිදු කරන ලද දීර්ඝ ප්රශ්න කිරීම් හමුවේ හෙළි වූයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව සහ ඊට අවශ්ය සියලු යටිතල පහසුකම් විදේශගතව සිටින මෙම ‘ඌරගහ ඉන්දික’ විසින් ලබා දී ඇති බවයි.
මෙරට අපරාධ රැසකට වගකිව යුතු මෙම අපරාධකරු දිවයිනට රැගෙන ඒමෙන් පසු තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.
මේ පුවත තව අයට බලන්න







