Home Local News Room : නාමල්ගේ මිත්‍රයා තරුණ සේවා හිටපු සභාපති මූල්‍ය අක්‍රමිකතාවකට හසුවේ!...

News Room : නාමල්ගේ මිත්‍රයා තරුණ සේවා හිටපු සභාපති මූල්‍ය අක්‍රමිකතාවකට හසුවේ! ~

0
0
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කළේය. රුපියල් ලක්ෂ 51ක මුදලක් රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට පත්ව තිබිණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඇප කොන්දේසි සහ විදේශ ගමන් තහනම

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි. ඊට අමතරව, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

මුදල් අවභාවිතය සිදුවූ ආකාරය

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ, සැකකරු අදාළ තනතුරේ කටයුතු කළ කාලසීමාව තුළ අම්පාර, සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ඇති ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනම මත ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.

මෙම ක්‍රියාව තුළින් තුන්වන පාර්ශ්වයක් වෙත නීතිවිරෝධී ලෙස ජාතික තරුණ සේවා සභාවේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් ගෙවා ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඊට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව අදාළ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ අරමුදලින් තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් අයුතු ලෙස වැය කිරීමට කටයුතු කර ඇති බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here