හෝමාගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරිය තුළ රඳවා සිටි සැකකරුවෙකු මියයාමේ සිදුවීම හුදෙකලා සිද්ධියක් පමණක් වන අතර, ඉන් සමස්ත ශ්රී ලංකා පොලිස් සේවයම නියෝජනය නොවන බව ප්රවාහන නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතා ප්රකාශ කරයි.
මාධ්යවේදීන් නැඟූ ප්රශ්න හමුවේ අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් වරදක් කළ පුද්ගලයෙකුට හෝ සාමාන්ය පුරවැසියෙකුට පොලිසියකට යාමට පවා දැඩි බියක් නිර්මාණය වී ඇති බවත්, එය වත්මන් රජයට එල්ල වූ කළු පැල්ලමක් නොවේදැයි මාධ්යවේදීන් එහිදී ප්රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දුන් වෛද්ය ප්රසන්න ගුණසේන මහතා කියා සිටියේ, මෙම මරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්යාංශය මඟින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
වැරදිකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව පෙන්වා දුන් ඒ මහතා, එක් ස්ථානයක සිදුවූ එක් සිදුවීමක් මුල් කරගෙන මුළු ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටම චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව අවධාරණය කළේය.







