මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අනාවරණය සිදුකළ අතර, අදාළ නිර්මාණය තමන්ගේ බව පවසමින් ස්වාමීන් වහන්සේ නමක් සහ සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න එය සිය ග්‍රහණයට ගෙන දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවට ඔහු එහිදී දැඩි චෝදනා නඟා ඇත.
විදෙස්ගත මහාචාර්යවරයා විසින් පසුගිය ඔක්තෝබර් 8 සහ 9 යන දිනවල මෙම පද රචනය සහ තනුව මෙරට ප්රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමකට, දේශපාලනඥයන්ට සහ සමාජ ක්රියාකාරිකයන්ට විද්‍යුත් මාර්ගයෙන් යොමු කර ඇති බවට ලිඛිත සාක්ෂි හා ඩිජිටල් දත්ත තමන් සතුව ඇති බව ජාමුනි කම්මුනි තුෂාර මහතා පෙන්වා දී ඇත.
පාලකයන් ඉලක්ක කර ගනිමින් සාම්ප්‍රදායික වස් කවි ආරට නිර්මාණය වූ මෙම ගීතය කිසිදු පටු දේශපාලන අරමුණකින් තොරව රට වෙනුවෙන් කළ සාධාරණ මැදිහත්වීමක් වුවද, ඇතැම් පාර්ශ්ව එය පෞද්ගලික වාසි තකා භාවිත කිරීම හේතුවෙන් ජනතාව අතර ඇතිවිය යුතු ස්වභාවික සමාජ බලපෑම හීන වී ගිය බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න







