මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද (03) පස්වරුවේ මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාරිය ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, සිද්ධියට අදාළ විමර්ශන වාර්තා ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන වරුණි බෝගහවත්ත මහත්මිය සතු හොන්ඩා වීසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථය මීට පෙර පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිය භාරයට ගනු ලැබුවා.
waruni Bogahawatta remanded







