Home Politics News Room : රටේ ආර්ථිකය ගැන සිතා ඇමැති වරප්‍රසාද අඩු කර ගත්තා...

News Room : රටේ ආර්ථිකය ගැන සිතා ඇමැති වරප්‍රසාද අඩු කර ගත්තා – ඇමැති මහින්ද අමරවීර

1
0

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සිතා ඇමැති වරප්‍රසාද අඩු කර ගැනීම ස්වේච්ඡාවෙන්ම කර ගත් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් කළ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.
මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩි කර ගැනීම මේ අවස්ථාවේදී අනුමත කළ නොහැකියි. ඒ නිසා ඉදිරියේදී එවැනි ආයතන සම්බන්ධයෙන් අණපනත් සංශෝධනය කළ යුතුයි.
රට බංකොලොත්භාවයෙන් තවමත් මිදී නැහැ. මිදෙන්න ආසන්නයි. රට මේ තත්ත්වයෙන් තිබියදී තමයි රනිල් වික්‍රමසිංහ මහතා භාර ගත්තේ. විපක්ෂ පක්ෂ නැතිව අපි එතුමාට සහාය දුන්නා. අපි එකතු වෙලා සහාය දුන්නත් විපක්ෂය සහාය දුන්නේ නැහැ. ඒ මදිවාට විපක්ෂය ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධාවන් සිදු කළා. ඒ බාධාවන් මැද තමයි රට මේ තත්ත්වයට හරි ගෙන ඒමට අපිට හැකි වුණේ. උද්ඝෝෂණ යනාදිය සිදු කරමින් පැවැතියදී රට සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට අපට හැකි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here