උන්වහන්සේලා එම ස්ථානයට පැමිණීමට මත්තෙන් ක්‍රියාත්මක වූ ඇඹිලිපිටිය පොලිසිය විසින් අදාළ පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දැමීමට පියවර ගෙන තිබිණි.
එහිදී පොලිස් නිලධාරීන් අමතමින් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත නාහිමියන් පෙන්වා දුන්නේ පිට පළාත්වලින් පැමිණි පිරිසක් රෝග සුව කරන මුවාවෙන් අහිංසක ජනතාව නොමඟ යවමින් සිටින බවයි. අදාළ පිරිස සතුව රෝග සුව කිරීම සඳහා රජයෙන් හෝ කිසියම් නීත්‍යානුකූල ආයතනයකින් අනුමත කරන ලද නිසි සහතික පත්‍ර හෝ අවසරයක් තිබේ නම් එය පෙන්වන ලෙසත්, එසේ නොමැතිව ජනතාව මුළා කිරීමට ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ. එසේම, සත්‍ය තොරතුරු විමසා බැලීම සඳහා ස්වාමීන් වහන්සේලා කිහිප නමකට හෝ ශ්රවණාගාරයට ඇතුළු වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියද, කිසිදු පාර්ශ්වයකට බලහත්කාරයෙන් ඇතුළු වී සාමය කඩ කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් පොලිසිය එම ඉල්ලීම වළක්වා ඇත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල මත අදාළ පිරිසගෙන් වහා ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන පවත්වන බවට පොලිසිය විසින් මහා සංඝරත්නය හමුවේ සහතික වීමෙන් අනතුරුව, මහවැලි අධිකාරිය ඉදිරිපිටදී පිරිත් සජ්ඣායනා කරමින් මිත්‍යා මතවලින් බැහැරව ජනතාවට යහපත් බුද්ධියක් පහළ වේවායි ප්‍රාර්ථනා කර ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු පිරිස එම ස්ථානයෙන් නික්ම ගියහ.
මේ පුවත තව අයට බලන්න







