18
ජාත්‍යන්තරවත්, දේශියවත් කාන්තාවන් වෙනුවෙන් විවිධ සම්මුතීන් ක්‍රියාත්මක වෙනවා. නමුත් කාන්තාවන් කෙරෙහි විවිධ වූ වෙනස්කම්, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ක්‍රියාත්මක වෙනවා. කාන්තා දේශපාලන අයිතිය, කාන්තාවන් සවිබලගැන්වීම ආදී වශයෙන් විවිධ යෝජනාවන් ක්‍රියාත්මක වෙනවා. ගිවිසුම් තිබුණට මදි අපේ කාන්තාවන් සවිබලගැන්විය යුතුයි. කාන්තාවන්ගේ සියලු අයිතීන් සුරක්ෂිත කළ යුතුයි. කාන්තා නියෝජනය ගැන කතා කරනවිට එය දිගින් දිගටම හොඳින් සාර්ථකව කරගන්න බැරිවුණා. නමුත් යම් මට්මටක ප්‍රගතියක් දැන් තිබෙනවා. ඒ වෙනුවෙන් වත්මන් ජනාධිපතිවරයාට සුබ පැතිය යුතුයි. පළාත් පාලන ක්ෂේත්රයේ කාන්තා නියෝජනය සියයට 25ක් දක්වා වැඩි කිරීමට මැදිහත් වීම වැදගත්. ජනසමාජයෙන් කොන්වූ කාන්තාවන් පෙරට ගෙනඒමට ගත් උත්සාහය පළාත් සභාවට හා පාර්ලිමේන්තුවට ගෙන ඒම යෝග්‍යයයි. කාන්තා දිනයේ පමණක් නොවෙයි 24 පැයේම අපේ රටේ කාන්තාවන් විවිධ ස්ථානවලදී අතිශය පීඩනයකට හිරිහැරයකට, හිංසනයකට ලක් වෙනවා.’